Who Are We?

-私たちについて-

Established in June 2015, Akari Private Limited is a Foreign Employment Agency, as well as an Educational Consultancy and Training Center, registered under the License No. 3083 in the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), that facilitates skilled or unskilled labor migration to cater to employment opportunities in Japan. Located in the heart of Colombo, we serve you from the very first stage of exploring ideal business opportunities to have you acknowledged by the receiving organization in Japan.

2015 年 6 月に設立された Akari Private Limited は、スリランカ外国人雇用局 (SLBFE) のライセンス番号 3083 で登録された外国人雇用代理店であり、教育コンサルタントおよびトレーニング センターです。コロンボの中心部に位置し、日本で働きたい若者を教育し、日本語教育だけでなく日本の生活に適応するために日本の文化やマナーを教えています。日本の受入れ先に認められる人材教育を行い、日本で働きたいスリランカの若者の夢を叶えています。

Why Choose Us?

当社を選ぶべき理由

Reliability, dependability, and rest-assured quality throughout the process flow are what we stand for!

正確で信頼、安心出来る人材の教育が私たちの信条です!

Best Opportunities

Our dedicated team thrives to explore and seize the best training and employment opportunities in Japan that are in high demand with growth opportunities.

私たちの専門チームは、日本での雇用の機会を探求し、最高のトレーニングで優秀な人材を送出します。

Promising Reliability

We have been recognized by the Sri Lankan government and we take care of the agreements with the receiving organization closely to make sure nothing goes wrong.

私たちは、スリランカ政府から認められた企業です。日本の受入れ先企業との協定を遵守しています。

Comfortable Working Areas

We serve job opportunities to the care giving in hospitals and elders homes, and hotel trade as well.

私たちは、病院や老人ホームなどでの介護、ホテル業での仕事教育をしています。

Top-notch Service

Our commitment lies on par with generating a long-term stakeholder value. That’s why we care about maintaining service excellence second to none of our competitors.

私たちは、スリランカの未来を拓いています。だからこそ、しっかりとした教育を大切にしています。

AKARI Today

Check out our up-to-date statistics of success. Have your story counted with them!

統計データ

Ongoing in house trainees

AKARI workers who are living in Japan

Selected workers on pre-departure training

2030’s Target

Our Vision -私たちの展望-

To enlighten the future of Sri Lankan youth by setting them the best grounds to enter the foreign labor markets with confidence, hence broadening the employability of Sri Lankans.

スリランカの若者達が自信を持って外国の労働市場に参入出来るような最良の環境を整え、スリランカ人の雇用可能性を広げ、スリランカの若者達の未来を啓発すること。

Our Mission -私たちの使命-

To be the dominant advocate in the Foreign Employment Industry, to establish win-win grounds by matching the job seekers’ competencies with the foreign employers via innovative solutions coupled with seamless in-industry service, hence to play a key role in the economic development of Sri Lanka whilst maintaining ground-breaking, long-term stakeholder value through an inspired team.

外国人雇用業界においてトップを目指す。しっかりとした教育によって、受入れ先企業に認められる正確で信頼、安心出来る人材を提供し続ける。

What do people say about us?

Slide

"අකරි ආයතනය, තම සන්නාම නාමය සනාථ කරමින්,අප වැනි ලමුන්ගේ ජිවිත සාර්ථකත්වයට ළං කරමින් ආලෝකමත් කල ආයතනයකි.ඉගෙනීම සිදුකරන කාලසීමාව තුල පොත්පත් සහ කෑම බීම වලට යන වියදම හැරුනු කොට සියලුම නේවාසික පහසුකම් මෙන්ම ජපානයට පැමිණීමට ගුවන් ටිකට්පත දක්වා සියලු දේවල් අපට නොමිලේ ලබාදී ජපානයේ ඇති ඉතා හොඳ රෝහලක රැකියාවක් කිසිම මුදල් අය කිරීමකින් තොරව ලබා දුනි.ලංකාවෙ වෙසෙන අපිට ජපානයට ඒමට විශ්වාසවන්තම තැන අකරි ආයතනය බව පමණක් විශ්වාස කරමි.

ජපානයට පැමිණි පසුත් නිතරම අප ගැන සොයාබලා ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිලිබඳව උපදෙස් ලබාදෙමින් නිතරම අප සමඟ සම්බන්ද වී සිටින අප ආයතන ප්‍රධානී තුමා මිතුරෙකු ලෙසද පියෙකු ලෙසද අපට නිවෙස් වලින් මග හැරෙන සෙනෙහසද නොඅඩුව ලබා දේ.තම බලාපොරොත්තු සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැමති ඕනම කෙනෙකුට අකරි ආයතනයට සම්බන්ද වෙන ලෙස ආරාධනා කරමි. එමෙන්ම අපේ ජීවිත මෙලෙසින් වෙනස් කරගැනීමට උපකාරි වුන ආයතන ප්‍රධානිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලයට ස්තූතිවන්ත වෙමි. තව තවත් අප වැනි තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවායි පතමි!"

Dilshani Asunika

Hotta Hospital

Slide

"මම 2022 වර්ශයේ සිට අද දක්වා මෙම ආයතනයේ රැඳී සිටිනුයේ ඉමහත් තෘප්තියකිනි.මන්ද, මේ වන විට මා මාගේ ජපන් රැකියා සිහිනය යථාර්ථයක් බවට පත්කොට ගෙන සිටින බැවිනි.ජපානයේ රැකියාවක් කිරීමට අවශ්‍ය කායික, මානසික යෝග්‍යතාවය, භාෂා දැනුම, කාල කළමනාකරණය, ජපන් සංස්කෘතිය යනාදී සෑම ක්ෂේත්‍රයන් පිළීබදවම මෙම ආයතනය තුළීන් පුහුණුවක් ලබාදෙයි.දක්ෂ කාර්‍ය මණ්ඩලයක් හා ගුරු මණ්ඩලයකින් සමන්විත වූ අකරි පුද්ගලික ආයතනය,අනෙකුත් විදේශ රැකියා ආයතන සමඟ සසඳා බැලීමේදී, සුවිශේෂීව ඉස්මතු වී පෙනෙන කරුණක් නම්,කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තු නොවී, නොමිලේම ජපානයේ රැකියාවක් කිරීමට අවස්ථාවක් ලබාදීමයි.මේ පරිදිම ඉදිරියටත් ආයතනයේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට හැකීවේවායි සුභ පතමි!"

Isuri Lakshika

HOHOEMI Elders home

Slide

"I have many experiences in a boarding school since childhood, but I was able to succeed in life by adding valuable things to my life such as working punctually at AKARI school and being tidy. And because of one obstacle, I lost the attitude that I can't do anything in AKARI School. Therefore, today I was able to successfully reach my Japanese dream thanks to AKARI School."

Kavindi Tharushika

Well Japanese Language School

Slide

මම 2022 වසරේ මෙම ආයතනයට පැමිණ ජපන් භාෂාව පිළිබඳව මනා දැනුමක් ලබා මේ වන විට ජපානයට යාම පිළිබඳව තිබූ මාගේ සිහිනය යාථාර්ථයක් බවට පත් කරගෙන තිබෙනවා. මෙම ආයතනය තුල ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය, ජපානය තුල පවතින නීති රීති පිළිබඳව මනා පුහුණුවක් ලබා දෙන අතර මෙම ආයතනය තුල සිදු කරන පුහුණු පාඨමාලාව සම්පූර්ණයෙන්ම ජපන් ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරීම මෙහි තිබෙන ප්‍රධානම විශේෂත්වය වේ. තවද ශ්‍රී ලංකාව තුලදී මෙන්ම ජපානය තුලදීත් ඉතාමත් සහයෝගීව කටයුතු කරන ඉතා විශ්වාසනීය ආයතනයක් වීම නිසා මෙම ආයතනය ශ්‍රී ලංකාව තුල ඉතා කීර්තිමත් ආයතනයක් බවට පත් විය යුතු ආයතනයක් බව මා විශ්වාස කරමි.
(2024/07/31)

CHAMIKA SANDEEPANI

AQUA PEA ELDERLY HOME

Slide

මම අකරි පාසලෙන් ජපන් භාෂාව මැනවින් හදාරා ජපානයේ රැකියාවක නියැලීමට අවශ්‍ය භාෂාමය දැනුම, ශාරීරික යෝග්‍යතාවය,ජපන් සම්ප්‍රදායන්, සිරිත් විරිත් ආදී සියලුම දේ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත්තේ අකරි පාසල තුලදී ය. ජපානයට ගොස් ශ්‍රී ලාංකිකයෙක් ලෙස නීතිගරුකව රැකියාවක නියැලීමට අවශ්‍ය සියලුම දේ අප පාසලෙන් අපට නොමිලේ ලබාදෙනවා. එය ඉතාමත් අගයකොට සැලකිය යුතු මෙහෙවරක් වේ. තවද මෙවැනි ශ්‍රේෂ්ඨ වගේම උතුම් කාර්‍යයන් කිරීමට අප පාසලේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමි.
(2024/07/31)

CHAMILA DEEPASHANI

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

මම ජීවිතේ ගත්ත හොදම තීරණය ගත්තේ 2022 වර්ෂයේ. ඒ ජපන් රටේ රැකියාවට යාමට තීරණය කිරීමයි. රට යන්න මම තෝරාගත්තේ අකරි ආයතනයයි. මම අද සතුටු වෙනවා මම තෝරගත්ත ආයතනය පිළිබඳව. ලංකාවේ ආර්ථික ප්‍රශ්න එක්ක ගොඩක් තරුණ තරුණියන් ජීවිත ගොඩනගාගන්න උත්සාහ කරන අවස්ථාවක මේ වගේ ආයතනයක් අපේ ලංකාවට තිබීම මහගු සම්පතක්. මෙම ආයතනය ජපන් භාෂාව පමණක් නොව ශාරීරික යෝග්‍යතා, ප්‍රායෝගික කුසලතා වැනි මිනිසෙකුගේ ජීවිත ගොඩනගා ගැනීමට අවශ්‍ය සෑම දෙයක්ම මෙම ආයතනය මගින් නොවඩුව උගන්වනු ලබයි. ඒ වගේම හොද දක්ෂ මනුස්සකමින් පිරුණු staff එකක් මෙම පාසලේ සේවයේ නියැලෙනවා. අද කාලේ මුදල් ජීවිතය කරගත්ත කාලයක මනුස්සකමට මුල් තැන මෙම ආයතනය තුළින් අපට දැක ගත හැකිය. මෙම ආයතනය මම ඉතා අගය කොට සලකනවා. අපි ආයතනයේ ඉගෙන ගන්න මාස 6 ක කාලයට සුලු මුදලක් වැය වන්නේ. අමතර මුදල් වැය වන්නේ නම් ඒ අපේ කෑම බීම, පෞද්ගලික වියදම් වලට පමණී. මගේ ජීවිතේ සාර්ථක කරගන්න ශක්තියක් වුණා වගේම තවත් දහසක් තරුණියන්ගේ ජීවිත සාර්ථක කිරීමට ශක්තිය ලැබේවා.
(2024/07/31)

CHAMODI AMANDYA

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

ජපන් රැකියාව හීනයක් වෙලා තිබුණු කාලයක ජපන් භාෂාව උගන්වලා එකම ආයතනයකින් නොමිලේ ජපන් යන්න පුළුවන් ආයතනයක් සොයමින් ඉන්න අතරතුර face book මාධ්‍ය ජාලයෙන් ජපන් පාසලක් ගැන දැනගන්න ලැබුණා. ඒ Akari Private Limited ආයතනයයි. ආයතන ප්‍රධානි කමල් අත්තනායක සර්ගේ සති අන්ත meeting එකට සහභාගි වෙලා ඇති වූ විශ්වාසය මත 2022.11.03 දින පාසලට ඇතුළත් වී ජපන් රැකියාවට අවශ්‍ය භාෂා දැනුම, රැකියාවට අවශ්‍ය භාෂා දැනුම, රැකියාවට අවශ්‍ය සුදුසුකම්, කායික හා මානසික සෞඛ්‍ය, විනයගරුක බවින් යුතු පුද්ගලයෙකු වශයෙන් අද වන විට ජපන් සිහිනය සැබෑ කරගෙන ඉන්නවා. ශ්‍රී ලංකාවේදී පමණක් නොව ජපන් ගිය පසුවද Akari පාසලේ ප්‍රධානි කමල් අත්තනායක සර් ඇතුළු ගුරුමෑණිවරුන්ගේ සහය නොඅඩුවම ලැබෙනවා. අකරි පාසල ගැහැණු ළමයෙකු වශයෙන් ජීවිතය හදාගන්, ජපන් සිහිනය සැබෑ කරගන්න තියෙන එකම විශ්වාසනීයම ආයතනය වශයෙන් හදුන්වා දිය හැක.
(2024/07/31)

DEEPALI RANASINGHE

NEMURO NURSING HOME

Slide

මම අකරි ආයතනයට 2023 වර්ෂයේ මැයි මස 23 වන දින ඇතුලත් වී 2024 ජූලි 31 දින ජපානයට පා තැබීමට නියමිතයි. මා දැනට අවුරුදු 1 මාස 2 ක් මෙම අකරි ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙස නේවාසික පුහුණු පාඨමාලාව අවසන් කර ඇත. මෙම ආයතනය ගැන කීවොත් ආයතනයේ නීති රීති මගින් ජපානයේ ජීවත් වීමට සුදුසු ආචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය කරයි. මම අකරි ආයතනයෙන් හොටෙල් ක්ෂේත්‍රයෙන් ජපන් යාමට නියමිත අතර මෙම ආයතනය ඉතා විශ්වාසී සහ ආරක්ෂිත ආයතනයක් බවට සහතික කල හැකි ය.
(2024/07/31)

GIMHANI KAUSHALYA

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

ජපන් සංස්තිය හා සමාන වැඩ පිළිවෙලක් මෙම ආයතනය තුළ නිර්මාණය කිරීම ගැන ආචාර්ය ගුරු මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. අකරි පාසලේ ජපන් භාෂාව පමණක්ම නොවන අතර ජපානයේ රැකියාවක් කිරීමට අවශ්‍ය සියලුම වෘත්තිමය සුදුසුකම් අකරි ආයතනය හරහා වැඩිදියුණු කර ගැනීමට මහඟු දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම අකරි ආයතනය හරහා විෂය දැනුම පමණක් නොව ප්‍රායෝගික මෙන්ම සමාජීය දැනුම ආචාර්ය මණ්ඩලය මගින් ලබාදීම ගැන ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වන අතර මෙවැනි ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මගින් දැනුම ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙනවා. මෙවැනි ආයතනයක් හරහා ජපානයට යාමට ලැබීම සම්බන්ධවත් මෙවැනි ආයතනයක් නිර්මාණය කර ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදේශයන්හි ප්‍රචලිත කිරීමට දරන වෑයම සම්භන්ධයෙන් ආයතන ප්‍රධානී කමල් අත්තනායක ආයතන ප්‍රධානීතුමාට හදපිරි ප්‍රණාමය පුද කරන අතර මෙම ආයතනය දීර්ඝ කාලයක් පවත්වා අපි වැනි ශිෂ්‍යාවන් රැසකට ලෝකයේ ඉහලින්ම ඇති ජපානය වැනි රටකට තවතවත් යාමට අවස්ථාවක් ලබා දීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
(2024/07/31)

HIMAYA SATHSARANI

NEMURO NURSING HOME

Slide

මම Akari school එකට ඇතුළත් වුණේ 2023 අප්‍රේල් මාසේ. දැන්ට අවුරුද්දයි මාස 3 පමණ ජපන් භාෂාව හදාරා ජපානයේ රැකියාවක් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා සිටිනවා. එම කාලය මා මෙහි රැදී සිටියේ ඉතාමත් තෘප්තිමත්වයි. කායික, මානසික මෙන්ම රැකියාවක් කාර්‍යක්ෂමව කිරීමට අවශ්‍ය ශාරීරික ශක්තිය ද ලබා දෙමින් කාර්ය මණ්ඩලය ලොකු සහයෝගයක් අපට ලබා දෙනවා. ජපානය වෙත ගිය පසු ජපන් භාෂාව පමණක් නොව ජපන් සංස්කෘතිය පිළිබඳව මනා සේ දැනුම ලබා දේ. ලංකාව තුළ පවතින නොයෙකුත් විදේශ රැකියා ආයතන සමග සසදා බැලීමේදී මෙම ආයතනයේ එකම අරමුණ ලාභයක් නොලබා ආර්ථික අපහසුතා ඇති තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථාවක් ලබා දී සේවාවක් සැලසීමයි.ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි සුභ ප්‍රාර්ථනා කරමි.
(2024/07/31)

HIRUNI LAYANTHIKA

KENAI HOSPITAL

Slide

මම 2022 වර්ෂයේ අගෝස්තු 2 වන දින අකරි පාසලට ඇතුළත් වුණා. මම ජපන් භාෂාව පිළිබඳ කිසිම දැනුමක් නැතිව පැමිණියත් සියලුම දේ අකරි පාසලෙන් ඉගෙන ගෙන විභාග සමත් වෙලා අද ජපානයට යන්න සුදුසුකම් ලබා ඇත. අකරි පාසල ජපන් භාෂාව පමණක් නොව ජපානයට ගිහින් ජීවත් වෙන්නේ කොහොමද නීති රීති, සංස්කෘතිය වැනි සියලුම දේ පිළිබඳව මනා දැනුමක් ලබා දෙනවා. අකරි පාසලේ ගරු සභාපතිතුමා වන කමල් අත්තනායක මහතාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වගේ ආයතනයක් ආරම්භ කරපු එකට. මම මේ වගේ ආයතනයක් මීට පෙර දැකලා තිබුණේ නැහැ. ජපානයට ගියාට පස්සෙත් අපි ගැන හොයලා බලනවා. මට ගොඩක් සතුටුයි මේ වගේ අවංක හොද ආයතනයකින් ජපානයට යාමට හැකියාව ලැබීම ගැන. මෙම අකරිය තව තවත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
(2024/07/31)

IMASHI SHIRANTHI

UMANCHU ELDER CARE HOME

Slide

හොටෙල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා අකරි පාසලෙන් ජපානයට පිටත්ව යන ප්‍රථම කණ්ඩායමේ හය දෙනා අතරට තේරී පත්වී, 2023 ඔක්තෝම්බර් මස මා අකරි පාසලට ඇතුළත් විය.
එතැන් සිට ජපානයට ගොස් ජීවත්වීමට සහ රැකියා ස්ථානයේ කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍යය සියලුම දැනුම ප්‍රායෝගිකව ලබාගත හැකි විය. ජපන් භාෂා දැනුම පමණක් නොව ආගමික, සංස්කෘතික, ආචාර විධි ආදිය පිළිබඳවත් කායික ශක්තිය වර්ධනය උදෙසා දෛනිකව ව්‍යායාමත් සිදු කරනු ලබයි. දැනුමෙන් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න, නිරෝගිමත්, ආචාරශීලීත්වයෙන් හෙබි පුද්ගලයෙක් බිහි කිරීම එහි අරමුණයි.
විශේෂයෙන්ම සුදුසුකම් ලත් උගත් ජපන් ජාතික මෙන්ම ලාංකික ආචාර්ය මණ්ඩලයක් හා කාර්යමණ්ඩලයක් අකරි පාසල සතුවීම ඉහළම වත්කමයි. එබැවින් පාසල තුළ ඉගෙන ගනු ලබන සිසුන්ට ඔවුන්ගේ ඉලක්කය කරා යාමට අකරි පාසල මහඟු තෝතැන්නකි.
එමෙන්ම දැනට මෙම පාසල හරහා තම ජපන් සිහිනය සැබෑ කරගත් බොහෝ දෙනා ජපානයේ දැනටමත් ඉතා හොඳින් සේවය කරන අතර ඔවුන් පවසන්නේද අකරි පාසල මගින් ලබාගත් දැනුම හා කුසලතා ඔවුන්ට බෙහෙවින් උපකාරී වූ බවයි.
එබැවින් තම ජපන් සිහිනය සැබෑ කරගැනීමට හැකි එකම හා හොඳම ආයතනය අකරි පාසල බවත් නොමිලේ ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන පෞද්ගලික එකම ආයතනය බවත් සතුටින් කිව යුතුය.
(2024/07/31)

K.M.MAHESHI PAVITHRA

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

මම 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේ අකරි පාසලට පැමිණියේ Okinawa හි Umanchu නම් වැඩිහිටි නිවාසයට යාමට තේරී පත් වූ ශිෂ්‍යයාවක් ලෙසයි. එහිදී මම පාසලට ඒමට පෙර ජපන් භාෂාවේ මූලික කොටස් ඉගෙන ගෙන තිබුණ ද බහුතරයක් දෑ අකරි පාසලෙන් ඉගෙන ගත්තෙමි. එපමණක් නොව රැකියා සදහා තේරී පත් වූ ශිෂ්‍යයාවන් වෙනුවෙන් පවත්වන N3 පාඨමාලාව සහ NVQ 3 Care giver පාඨමාලාව අකරි ආයතනය හරහා නොමිලේ ඉගෙන ගැනීමට ලැබීම මා ලැබූ විශේෂ අවස්ථාවක් ලෙස සලකමි. එසේම ජපන් ජාතික ගුරුවරියක් විසින්ම පවත්වනු ලබන මෙම N3 පාඨමාලාව තුලදී ජපන් භාෂාව පමණක් නොව ජපානයේ නීති රීති, සංස්කෘතිය, අචාරවිධි ආදියන්ගෙන් සමන්විත වේ. අකරි ආයතනයට පිටතින් සම්බන්ධ වූ ශිෂ්‍යාවක් ලෙස අනෙකුත් ආයතන හා සසඳා බැලීමේදී ඒ සියලුම ආයතන අතරින් ඉහලම ස්ථානයක ඇති බව දකිමි. සුවිශේෂී අධ්‍යාපන රටාවක්, ශාරීරික සුවතා, සියලුම පහසුකම් වලින් යුත් අකරි ආයතනය වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් මේ අයුරින්ම ශ්‍රී ලාංකික ආර්ථික අපහසුතා සහිත දුෂ්කර පළාත් වලින් පැමිණෙන සිසුවියන් මනා විනයක් සහිතව කුසලතා වලින් පරිපූර්ණ වෘත්තිමය සාත්තු සේවිකාවන් ලෙස ජපානයට ගොස් ශ්‍රී ලංකා නාමය අකරි ආයතන නාමය අන්තර්ජාතික මට්ටමින් ප්‍රචලිත කිරීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමි. එසේම අකරි ආයතන ප්‍රධානි කමල් අත්තනායක මැතිදුන්ටත් මෙම ආයතනය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගෞරව පූර්වක ස්තූතිය පුදකර සිටිමි. එසේම දීර්ඝ කාලයක් අකරි ආයතනය පවත්වාගෙන යාමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
(2024/07/31)

NIMANTHIKA RASANJALI

UMANCHU ELDER CARE HOME

Slide

මම Akari ආයතනයට ඇතුළු වන විට ජපන් භාෂාව පිළිබඳව කිසිදු දැනුමක් නොතිබුණු ද හොද ගුරු මණ්ඩලයකගේ මග පෙන්වීම මත මාස 6 ක් ඇතුළත NAT 5 සහ NAT 4 විභාග දෙකම සමත් වී NAT 3 විභාගය ද සමත් වී මේ වන විට මාගේ ජපන් සිහිනය සැබෑ කරගෙන හමාරය. Akari ආයතනයේ සභාපතිතුමාගේ නිවැරැදි මග පෙන්වීම යටතේ හොද කාර්ය මණ්ඩලයකගේ කැප කිරීම නිසා අපි වගේ දැරියන්ගේ සිහින මල් ඵල ගැන්වීමට මෙම පාසල ඉමහත් පිටුවහලකි. මෙම වැඩසටහන සාර්ථකව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට මාගේ උණුසුම් සුභ පැතුම්.
(2024/07/31)

PAWANI PRARTHANA

AQUA PEA ELDERLY HOME

Slide

මම අකරි ආයතනයට ඇතුළු වුණේ 2022.08.02 වන දින ජපන් භාෂාවේ කිසිඳු දැනුමක් නැති ශිෂ්‍යාවක් හැටියටයි. අද වන විට ජපන් භාෂා විභාග තුනකටද, සම්මුඛ පරීක්ෂණ වලටද මුහුණ දෙමින් ජපානයේ රැකියාවකට මා තේරීපත් වී සිටිනවා. ශාරීරික මානසික සෞඛ්‍ය, භාෂා කුසලතාවය, බුද්ධිය, මෙන්ම වෘත්තීය කුසලතා වලින් පරිපූර්ණ දරුවෙකු අකරි පාසල තුළින් බිහිකිරීම සඳහා අකරි ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු කාර්‍යය මණ්ඩලය විසින් අතිමහත් වෙහෙසක් දරණු ලබනවා. විනය අංක 1 ලෙස සලකන අකරි පාසල ජපානය වෙත යවනු ලබන්නේ විනයානුකූල ශ්‍රී ලාංකික දියණිවරුන් බව ඉතා ආඩම්බරයෙන් කිව යුතුම කරුණක්. චිරාත් කාලයක් අකරි පාසල පවත්වාගෙන යමින් අපි වැනිම ශ්‍රී ලාංකික දියණිවරුන්ගේ නැණ පහන් දල්වමින් සිහින සාක්ෂාත් කරගැනීමට ශක්තිය, ධෛර්‍යය, වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. අද වන විට ශ්‍රී ලංකාව තුළ ඇති විදේශ රැකියා ආයතන අතරින් නොමිලයේම ජපානය වැනි රටකට යාමට අවස්ථාව සලසා දෙන හොඳම , හරිම සහ එකම, විශ්වාසීම තැන අකරි ආයතනය පමණක්ම බව සාඩම්බරයෙන් මෙන්ම වගකීමෙන් කිව යුතුම කරුණකි.
(2024/07/31)

PRABODHA ERANDI

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

මම අකරි පාසල සමඟ රැඳී සිටින්නේ 2022 වර්ෂයේ සිටය. දැන් මාගේ ජපන් සිහිනය යථාර්තයක් බවට පත්ව ඇත. ආර්ථික වශයෙන් පීඩා විඳින ශිෂ්‍යාවන් හට කිසිදු මූල්‍යමය ලාභයකින් තොරව තම ජපන් සිහිනය ජය ගැනීමට ඇති ලංකාවේ එකම ආයතනය ආයතනය බව නොඅනුමානය. මගේ සහෝදරියන් දෙදෙනෙක්ම මෙම ක්‍රමවේදය හරහා ජපානයට ගිය අතර මමද ජපානය වෙත යාමට අකරි ආයතනය තෝරා ගනු ලබන්නේ අප ආයතන ප්‍රධානියා සතු ජපානය වෙත යැවීමට ඇති සාර්ථක ක්‍රමවේදය නිසාවෙනි. අකරි පාසලේ විදුහල්පතිනියගේ අසීමාන්තික කැපවීම හමුවේ දක්ෂ ගුරු මණ්ඩලයකින් සමන්විත අකරි පාසල ජපන් දැනුමෙන් පිරිපුන් විනයගරුක ළමයින් රැසක් ජපානයට යාමට අප ආයතනය සමත්ව ඇත. ඔබගේත් ජපන් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අකරි ආයතනය හා සම්බන්ධ වන මෙන් ආරාධනා කරමි.
(2024/07/31)

RASHMI PABODHA

NEMURO NURSING HOME

Slide

2023 වර්ෂයේ සිට අද දක්වා මා අකරි ආයතනයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ ඉතාමත් සතුටින්. ඒ මන්ද යත් මගේ ජපන් රැකියා සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමට නිබඳව අත්වැලක් වෙමින් මා හට ශක්තියක් වූයේ මෙම ආයතනයයි. භාෂාව, විනය, සංස්කෘතිය, කායික මානසික නිරෝගිකම යනාදී සියල්ලගෙන්ම සමන්විත මනා පෞර්ෂයකින් හෙබි වෘත්තිකයන් පිරිසක් ජපානය වෙත යැවීම සඳහා මෙම ආයතනය ගන්නා උත්සාහය ඉමහත් කොට සළකනු ලබනවා. එම උත්සාහයේ ප්‍රතිඵල වර්තමානයේ අප ඇස් පනාපිටම දැක ගැනීමට හැකිවීම පිළිබඳව මගේ සිත තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී අකරි කරන මෙම සේවාව නිසාවෙන්ම ආයතනයේ කටයුතු තවතවත් සාර්ථක වේවායි සුභ පැතුම් එක්කර සිටිනවා.
(2024/07/31)

RASHMI WICKRAMA ARACHCH

AQUA PEA ELDERLY HOME

Slide

මම අකරි පාසලට ඇතුල් වීමට පෙර ජපන් භාෂාව හදාරා තිබුණා වුණත් ජපන් භාෂාව පිළිබඳව මනාව අවබෝධය ලබා ගත්තේ අකරි පාසලෙන්. ඉතාම දක්ෂ ගුරුමණ්ඩලයක් විසින් සිසුන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම අකරි පාසලේ තියෙන විශේෂත්වය තමා ජපන් ජාතික ගුරුවරියක් විසින් ජපානයේ සංස්කෘතිය, ජපානයේ ජීවත් විය යුතු ආකාරය කියා දීම. ජපානයට යාමට කිසිදු මුදලක් අපෙන් නොගෙන ඉතාමත් සාර්ථකව ළමයින්ගේ විනය හදලා ජපන් හීනය සැබෑ කරගැනීමට මෙවැනි පාසලක් නිර්මාණය කෙරූ අකරි නිර්මාතෘ කමල් අත්තනායක මැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. අකරි පාසල තවත් සාර්ථක වී ඉදිරියටම යාමට පුළුවන් වේවා කියලා හදවතින් සුභ පතනවා. ස්තූතියි.
(2024/07/31)

THARUSHI DEWMINI VINODYA

BRIDAL HOUSE TUTU OKINAWA

Slide

මම 2022 වර්ෂයේ සිට මේ දක්වා අකරි පාසල තුල ඉමහත් මතක ගොන්නක් එකතු කර ඇත. දුප්පත් පෝසත් භේදයකින් තොර ආර්ථික අපහසුතා ඇත්තවුවන්ට මහගු අත්වැලක් වන අකරි ආයතනය අනෙකුත් ආයතන සමග සසඳන කල නොමිලේ ජපානයට යා හැකි මට හමු වූ විශ්වාසනීයම තෝතැන්නකි. ගැහැණු දරුවෙකුට අවශ්‍ය රැකවරණය නොපිරිහෙලා දවස පුරා ලබා දෙන ගුරුමණ්ඩලයක් සහිත ඉතා වගකීමෙන් යුතුව හොර බොරු වංචා වලින් තොර සියලු දෙනාගේ යහපත උදෙසා වැඩ කරන ආයතනයකි.
(2024/07/31)

THIMODI DINUKSHIKA

NEMURO NURSING HOME

Slide

මම අකරි පාසලේ ශිෂ්‍යාවක් ලෙස ඉගෙනුම ලබලා දැන් ජපානයේ FUKUOKA හි වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජපන් අකුරක්වත් නොදැන ආපු මට අද ජපන් භාෂාවත්, ජපානයේ නීති රීති, සංස්කෘතිය, ජපානයට ගියාට පස්සේ හැසිරෙන්න ඕන විදිය, ජපන් ගුරුවරියකගෙන්ම ඉගෙන ගෙන මගේම සකුරා සිහිනය සැබෑකරගන්න පුළුවන් වුණේ ලංකාවේ කොච්චර ජපන් උගන්නන පාසල් තිබුණත් ජීවිත කාලෙම ගත්ත ගත්ත හරිම තීරණය විදියට අකරි පාසල තෝරාගත්ත නිසයි. අපි වගේ සාමන්‍ය පවුල් වල ලමයින්ගේ හීන සැබෑකරගන්න නොමිලේම ජපානයට යවන වැඩසටහනක් පවත්වාගෙන යාම වෙනුවෙන් සභාපතිතුමා වන කමල් සර් ටත් අකරි පාසලේ YOSHIZAKO ගුරුතුමිය ඇතුළු ආචර්‍ය මණ්ඩලයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. තව චිරාත් කාලයක් මෙම වැඩසටහන පවත්වාගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්. ස්තූතියි.
(2024/07/31)

YASURI YUWANIKA

KENAI HOSPITAL

previous arrow
next arrow